කෙන්යාවේ ජනාධිපතිවරණයෙන් එරට උප ජනාධිපති විලියම් රූටෝ ජයග්‍රහණය කර තිබේ.
ප්‍රකාශිත වලංගු ඡන්දවලින් සියයට 50.5 ක බලයක් හිමිකර ගැනීමට උප ජනාධිපති විලියම් රූටෝ සමත්ව ඇත. ඔහු හමුවේ පරාජයට පත්වුණේ ප්‍රතිවාදී අපේක්ෂක රයිලා ඔඩින්ගා ය.
රයිලා ඔඩින්ගාගේ ආධාරකරුවන්ගේ ඝෝෂා කිරීම් හා බාධා එල්ල කිරීම මධ්‍යයේ ප්‍රතිපල නිවේදනය කිරීමට ප්‍රමාද වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පිරිසක් ද ප්‍රථිපලවලට විරෝධය පළ කර තිබුණේ ජනාධිපතිවරණය දූෂිත බවට පවසමින්ය.
55 හැවිරිදි විලියම් රූටෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය විය. ඔහු වසර 10 ක් උප ජනාධිපති ලෙස සේවය කර ඇති නමුත්, ඔහුගෙන් පසු ඔඩිංගාට සහාය දුන් ජනාධිපති උහුරු කෙන්යාටා සමඟ විරසක විය.