අක්ෂි රෝහලේ කාච හිඟයි – තවත් වෛද්‍ය උපකරණ සහ ඖෂධවලත් අඩුවක්

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි කාච ඇතුලු වෛද්‍ය උපකරණවල මෙන්ම ඖෂධවල දැඩි හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ, අද පැවති මාධ්‍ය හමුවකට කොළඹදී එක්වෙමින් කියා සිටියේ ඖෂධ බොහොමයක් රෝහල තුළින්ම රෝගීන්ට නිකුත් කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවයි.
මෙම තත්වය සම්බන්ධයෙන් අක්ෂි රෝහලට පැමිණ සිටි රෝගීන් කිහිපදෙනෙකුද අදහස් පළ කරමින් කියා සිටියේ වැඩි ඖෂධ ප්‍රමාණයක් පෞද්ගලික ඔසුසැල්වලින් මිලදී ගැනීමට සිදුව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.