රටවල් අතරේ අර්බුද නිර්මාණය කරන්නේ ඇමෙරිකාව

රටවල් අතරේ අර්බුද නිර්මාණය කරන්නේ ඇමෙරිකාව බවත්, යුක්රේන රුසියානු අර්බුදය දිනෙන් දින දිග්ගැස්සෙන්නේ ද ඇමෙරිකාවේ ක්‍රියාකලාපය නිසා බවත් රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් චෝදනා නගයි.

මේ වනවිට චීනය සහ තායිවානය අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර එම අර්බුදය නිර්මාණය වූයේ, චීනයේ දැඩි විරෝධය මැද ඇමෙරිකන් කතා නායිකා නැන්සි පොලෝසි තායිවානයට යෑමත් සමඟය. මේ වනවිට තවත් ඇමෙරිකන් පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් තායිවානයට ගොස් තායිවානයට සහාය දීමට කැමැත්ත පළ කර තිබේ.

රුසියාවත් යුක්රේනයත් අතර අර්බුදයට හේතුව වූයේ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දිය යුතු යැයි ඇමෙරිකාව තීරණය කිරීමත් සමඟය. යුක්රේනය ද ඊට කැමැත්ත පළ කළ අතර, පසුගිය පෙබරවාරි 24 වැනිදා සිට රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.