රටේ අරගලය කරේ හොරු අල්ලන්න, දූෂිතයන් අල්ලන්න, වංචාකරුවන් අල්ලන්න – වසන්ත සමරසිංහ

පසුගිය නම වෙනිදා නිදහස් චතුරස්‍රයේදී පුරවැසි ආඥාවක් නිකුත් කරා, රනිල් රාජපක්‍ෂ ආණ්ඩුව උත්සහ කරනවා අරගලකරුවන් මර්ධනය කරන්න, ඒ සිහිනය ඉතාම කෙටි කාලයකින් අවසන් වෙනවා. රටේ අරගලය පැවතියේ හොරු අල්ලන්න, දූෂිතයන් අල්ලන්න, වංචාකරුවන් අල්ලන්න බවට අද (17) වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංවිධානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

රනිල් රාජපක්‍ෂ අද ඔයත් එක්ක කැබිනට් එකේ ඉන්නවා හොරු, දූෂිතයෝ, වංචාකාරයෝ සියළු දෙනා. ඔයගොල්ලෝ හොරු එක්ක හුරතල් වෙවී අරගලයට සම්බන්ධ වෙච්ච මේ රටේ වැඩකරණ පන්තිය, වෘත්තීය සමිති නායකයෝ, තරුණයෝ, භික්‍ෂුන් වහන්සේලා සහ ආගමික නායකයින් අත්අඩංගුවට අරගන්න ලෑස්ති වෙනවා නම් අපි කියනවා මේ ගිර ගෙවන් ඔයගොල්ලන්ට මදී. එ නිසා අපි කියනවා මේ අරගලය අත්අඩංගුවට ගැනීම් නිසා නවත්තන්නේ නෑ.

මේ අරගලය අවසන් කරන්න තියෙන පාර තමයි මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වටපිටාව හදන්න, ඊට අවශ්‍ය වෙනස්කම් සිදු කරන්න, එහෙම නැතුව හිතන් ඉන්නවා නම් අරගලය මර්ධන කිරීම හරහා ඔයාලාගේ පාලනය ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා අපි ඉතාමත්ම සහතිකව කියනවා නෑ එකට වැඩිදුරක් යන්න වෙන්නේ නෑ කියලා. අපි යන්න දෙන්නේ නෑ. මේ මර්ධනය වහාම නවත්තන්න ඕනේ නීතිය ක්‍රියාත්මතක වන සමාජයක් අපිට ඕනේ.

අතීසාරෙට අමුඩ ගහනවා වගේ සාකච්ඡා කාරනවා දැන් සර්වපාක්‍ෂික ආණ්ඩු හදන්න එත් සර්වපාක්‍ෂික ආණ්ඩු හදන්න සාකච්ඡා කර කර රාජපක්‍ෂ කැබිනට් එක මේ එටේ රාජ්‍ය සම්පත් රාජ්‍ය ආයතන විකුණන්නට තීරණය කරනවා. දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ ජනතාවට සහන දෙන්න නීතිය ක්‍රියාත්මක කරලා  රාජ්‍ය සම්පත් රාජ්‍ය ආයතන විකුණන්න එක නවත්තලා මර්ධනය නවත්තන්න කටයුතු නොකරනවා නම් මේ ගමන ඉස්සරහට යන්න බෑ කියලා අපි රනිල් රාජපක්‍ෂ ආණ්ඩුවට කියනවා

Leave a Reply

Your email address will not be published.