පාගමනින් ආ වසන්ත මුදලිගේ අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට එරෙහිව මීට පෙර අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබුණි.

පොලීසිය පැවසුවේ අද (18) කොළඹදී පැවැත්වූ විරෝධතා පාගමන අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවූ බවත් එහිදී වසන්ත මුදලිගේ සහ තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

Leave a Reply

Your email address will not be published.