හමුදාව අල්ලා ගත් උතුරු නැගෙනහැර ඉඩම් ආපසු දෙයි.. ඩයස්පෝරාවට ආයෝජනය කරන්නයි..

ආරක්ෂක හමුදාව විසින් අත් අත්පත් කරගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල පෞද්ගලික ඉඩම් නැවතත් අයිතිකරුවන්ට කඩිනමින් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.

එම ඉඩම් බෙදා දීම පිළිබඳව අධ්‍යනය කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමටද තීරණය කර තිබේ.

මෙම කාර්යයේ අරමුණ වී ඇත්තේ ඩයස්පෝරාව මගින් එම පළාත් සඳහන් නව ආයෝජන අවස්ථා ලබා ගැනීමයි.

Leave a Reply

Your email address will not be published.