ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කෙරෙහි පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අවධානය යොමු ව තිබෙනවා.
ලබන මස 02 වනදාට යෙදෙන එම පක්ෂයේ 71 වන සංවත්සරයේ දී එම සංශෝධන සිදු කිරීමට නියමිත යි.
පක්ෂ සංවත්සරය මහරගම ජාතික තරුණසේවා සභාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එදිනට සමස්ත ලංකා කාරක සභාව ද කැඳවා තිබෙනවා.
පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ දී එය සමස්ත ලංකා කාරක සභාව හරහා අනුමත කරගෙන පසු ව එය විධායක සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව යි දේශපාලන මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන්නේ.
2022-08-19