අයි.එම්.එෆ් සහතිකයක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බව තීරණය කර ඇති නිසා ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ණය තිරසරභාවය නැවත ස්ථාපනය කරන බවට ප්‍රමාණවත් සහතිකයක් ණය හිමියන්ගෙන් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එම සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් එළඹෙන 24 සිදුකරන ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වේ.

ආර්ථික සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ,ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට එළඹෙන 24 වෙනිදා සිට 31 වෙනිදා දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව එම නිවේදනයේ සඳහන් වේ.

නුදුරේදීම ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා දීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීම සඳහා ප්‍රගතියක් ලබා ගැනීම සංචාරයේ අරමුණ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

මසහිරෝ නොසාකි සහ පීටර් බෲවර් මහත්වරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමට නායකත්වය දෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.