ණය හිමියන්ගෙන් සහතිකයක් අවශ්‍යයි – IMF කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුවගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන්ගෙන් ලබා ගන්නා සහතිකයක් අවශ්‍ය වන බවට එම අරමුදල නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, දිගුකාලින අරමුදල් පහසුකම් සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතික කිරීම් අවශ්‍ය බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායමක් අගෝස්තු 24-31 කාලය තුළ මෙරටට  පැමිණීමට සැලසුම් කර ඇත.

මෙම කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ මෙම වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි පීටර් බෲවර් මහතා සහ මසාහිරෝ නොසාකි මහතා විසිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සංචාරය අතරතුර අනෙකුත් පාර්ශවකරුවන් සමඟ කටයුතු කරගෙන යනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.