මහ කන්නයට පොහොර ප්‍රමාදයකින් තොරව – ජනපති

මහ කන්නයට අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාවට ලබාදීමට පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද අනුරාධපුරයට පැමිණීමෙන් පසු අටමස්ථානාධිපති ආචාර්ය, අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ සිදුකළ සාකච්ඡාවේදීයි.
අනතුරුව ජනාධිපතිවරයා ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත්තා.
පසුව ජනාධිපතිවරයා රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ද බැහැ දුටුවා.
ලංකාරාම විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වුණේ ඉන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published.