මෙරට හම්බන්තොට වරායේ නැංගුරම්ලා ඇති චීන අධිතාක්ෂණික නෞකාවක් වන යුවාන් වැන්ග් 5 (Yuan Wang -5) අද (22) පස්වරු 4:00 ට පිටත්වන බව හම්බන්තොට වරාය ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම නෞකාව පසුගිය 16 වැනිදා ඉන්ධන නැවත පිරවීමේ අරමුණු සඳහා නිල වශයෙන් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ඇතුළුවිය.
යුවාන් වැන්ග් 5 යනු චීනයේ නවතම පරම්පරාවේ සමීක්ෂණ යාත්‍රාවක් වන අතර එය මතභේදයට තුඩු දී ඇති පසුබිමක හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම සිදු විය
එම නෞකාව ජුලි මස 12 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබුණද පැවැති ගැටලුකාරී වතාවරණය හමුවේ එම ගමන කල්දැමීමට තීරණය කර තිබිණ