22 ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

‍22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ගැනීම ආරම්භ කර තිබෙයි.

මෙම පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදු කෙරේ

විනිවිඳ පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, තිස්ස බණ්ඩාර රත්නායක, එච්.ඩී.ජේ.කුලතුංග, බී.පී.දහනායක ඇතුළු නව දෙනකු විසින් අදාළ පෙත්සම් ගොනු කළ අතර එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයාට නම් කර තිබෙයි.

රජය විසින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කිරිමට යෝජිත “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත” ඉකුත් 10 වනදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරිපත් කළ බවට චෝදනා කරන පෙත්සම්කරුවන් වැඩිදුරටත් කියා සිටින්නේ, එහි ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවයි.

එම තත්ත්වයන් තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වීම් සිදුවන බව ඔවුන් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.