රත්නපුර නගරයේ ප්රමුඛ පෙළේ බාලක පාසලක සිසුවකු අපයෝජනය ලක්කිරීමක් සම්බන්ධයෙන් සැකපිට එම විදුහල්පතිවරයා 23 දින ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර අතිරේක මහේස්ත්රාධත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 30 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූයේ පිළියන්දල පදිංචි එස්.පී. කළුබෝවිල (54) නැමැත්තෙකි .
වසර 2021 මැදභාගයේ දිනයකදී සිදුව ඇති බව සදහන් කරන මෙම අපයෝජනය සිදුවීමේ අපරාධ වින්දිත සිසුවාගේ (16) දෙමාපියන් මේ පිළිබඳව කළ පැමිණිලි කර ඇත. ඒ අනුව ජාතික ළමාරක්ෂක විමර්ශන සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.