සෙවණගල OIC ආධුණික කොස්තාපල්වරියකට ගංජා තැම්බූ වතුර පොවලා

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කර දූෂණය කිරීමට තැත් කළේ යැයි චෝදනා එල්ල වී ඇති සෙවණගල පොලිස් ස්ථානාධිපතිවරයා අද හෙටම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ භාර වීමේ සූදානමක් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මේ වන විට නිවාඩු දමා ළමා හා කාන්තා කාර්යාංශයට කට්ටි පනිමින් සිටින මෙම පොලිස් ස්ථානාධිපතිවරයා කාලයක් තිස්සේම එම කොස්තාපල්වරියට හිරිහැරකර තිබෙන බව විමර්ශනවලින් හෙළි වී ඇත.

ඇය මේ ගැන ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ වීමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරයා නිවාඩු ගෙන අතුරුදන් වූ බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. ආධුනික පොලිස් කොස්තාපල්වරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවසේ නිතර සිටිනු පොලිසියේ නිලධාරීන් අතර පසුගිය කාලයේ දැඩි කතාබහකට ද ලක්ව තිබී ඇත. ඒ ගැන ඇය ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ ස්ථානාධිපතිවරයාට ඇති බිය නිසාත් තමා ආධුනික තැනැත්තියක් නිසාත් ඔහු කියන දේවල්වලට අවනතව සිටීමට සිදු වූ බවයි. ළමා හා කාන්තා කාර්යාංශයට ඇය පවසා ඇත්තේ ශක්තිය වර්ධනය වන බව කියමින් ගංජා තැම්බූ වතුර තමාට බොන්නට දුන් බවයි. ගංජා තම්බා ඇත්තේද ස්ථානාධිපතිවරයාගේ නිල නිවස තුළය. එම ගංජා තැම්බූ වතුර ස්ථානාධිපතිවරයා ද පානයකර ඇති බව කියයි. විවිධ ශක්ති ජනක වර්ගද ඔහු තමාට පානය කිරීමට දුන් බවද ඇය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. පොලිස් ස්ථානාධිපතියා තමාට අතවර කර ඇතැයි ඇය ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලිකර ඇත්තේ සෙවණගල සිට ඇයව වෙනත් පොලිස් ස්ථානයකට ස්ථානමාරුවීමක් දීමෙන් අනතුරුවය. සෙවනගල පොලිසියේ නිලධාරීන් අතර මෙන්ම ගම්වැසියන් අතරද පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙම ක්‍රියාව ප්‍රසිද්ධ රහසක්ව තිබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීවේය. ආධුනික කොස්තාපල්වරියට ස්ථානමාරුවක් දී වෙනත් පොලිස් ස්ථානයක රාජකාරි සඳහා යොදවනු ලැබුවේ ඒ නිසා බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.