මෑතකදී මෙරට ඇතිවූ කලහාකාරී තත්ත්වයන් මැද දේපළ හානි කල නිවාස ගිනි තැබූ අය සම්බන්ධයෙන් සමාජජාලාවල පළවූ ඡායාරූප හා වීඩියෝ දර්ශන හඳුනාගැනීමට ශ‍්‍රී ලංකා රජය විසින් ඇමරිකාවේ සහාය පතා ඇත.
ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමරිකානු රහස් ඔත්තු සේවයේ සහායේ පතා ඇත්තේ නීතිපතිවරයාගේ ද උපදෙස් මතයි.
එම දිනවල කලහකාරීව හැසිරුණු පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමත් සමග ඔවුන් සමාජ ජාලාවල පළ කර තිබූ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මකා දැමීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.