වැරදීමකින් පාකිස්තානයට මිසයිල ගැසූ ඉන්දීය ගුවන් හමුදාවේ නිලධාරීහු තිදෙනෙක් දොට්ට

ඉන්දීය ගුවන් හමුදාව විසින් අත්වැරදීමකින් පාකිස්තානයට මිසයිලයක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එරට ගුවන් හමුදාවේ නිලධාරීන් තිදෙනකු සේවයෙන් පහ කර ඇතැයි වාර්තා වේ. පසුගිය මාර්තු මාසයේදී සිදු වූ මේ ආන්දෝලනාත්මක සිදුවීම හේතුවෙන් දෙරට අතර උණුසුම් තත්ත්වයක් ද නිර්මාණය වී තිබිණි.

මේ සම්බන්ධව ක්ෂණිකව ප්‍රතිචාර දැක් වූ පාකිස්තානය එවැනි නොසැලකිලිමත් බවක් පෙන්නුම් කිරීමේ ප්‍රතිවිපාක ගැන අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීමක් සිදු කර තිබූ අතර, සිදුවීම සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දීය රජය කටයුතු කර තිබිණි.

බ්‍රාහ්මොස් නමැති මේ මිසයිල රුසියාව සහ ඉන්දියාව එක්ව නිපදවනු ලැබූ අධික න්‍යෂ්ටික ධාරිතාවකින් සමන්විත මිසයිලයක් වන අතර, ඉන් කිසිදු හානියක් සිදු වී නොතිබිණි.

Leave a Reply

Your email address will not be published.