සතියකට ඩෙංගු රෝගීහු 1,500ක්

ඩෙංගු ආසාදිතයන් 1,500ක් පමණ සතියකට වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පැවසුවාය.

එවැනි ආසාදිතයන් සංඛ්‍යාවක් සතියකට වාර්තා වීම රෝගී ප්‍රතිකාර කළමනාකරණය සඳහා තරමක බාධා ඇති කරන බවද ඇය ප්‍රකාශ කළාය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇය ඊයේ (25) මේ බව පැවසුවාය.

සතියකට ඩෙංගු රෝගීන් 500ක් පමණ වාර්තා වන්නේ නම් සාර්ථකව රෝගී ප්‍රතිකාර කළමනාකරණයක් කර ගත හැකි බවත් නමුත් ඇතැම් සතිවල රෝගීන් 3,200ක් වාර්තා වූ අවස්ථා පවතින බවත් ඇය කියා සිටියාය.

වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 52,500ක් වාර්තා වූ බවත් එය මේ වර්ෂයේ මුල් මාස අට තුළදී පමණක් වන අතර, පසුගිය වසරේදී වසර පුරාවටම වාර්තා වූයේ ආසාදිතයන් 36,000ක් පමණක් බවත් ඇය පැවසුවාය.

ඩෙංගු කීට සමීක්ෂණයන්ට අනුව ආයතන පරිශ්‍රවල ඩෙංගු මදුරුවන්ගේ බෝවීම ඉහළ ප්‍රවණතාවක් පවතින බවත් එය සියයට 12ක ප්‍රතිශතයක් බවත් ඇය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published.