දුම්වැටි තොගයක් සමග පස්දෙනෙකු රේගු භාරයට

රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව දුම්වැටි එක්ලක්ෂ හැට දෙහසක් තිබී රේගු නිලධාරී භාරයට ගෙන තිබුණා.
ඔවුන් සතුව තිබූ ගමන් මළුවල සූක්ෂමව සඟවා රැගෙන විත් ඇති අතර සැකකරුවන් කොළඹ – මාලිගාවත්ත, හලාවත සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අණාවරණය වී ඇත්තේ.
පසුව එක් මඟියෙකුට රුපියල් විසිපන්දහස බැගින් වූ දඩයක් නියම කළ රේගු නිලධාරීන් දුම්වැටි තොගය රාජසන්තක කර තිබුණා.

Leave a Reply

Your email address will not be published.