දරුණුම ගැටුම අද – Ind vs Pak

ලෝක කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලියට පූර්වයෙන් ඊට ආසියානු කලාපයේ සූදානම පිළිබඳ බැලීමට පවත්වනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (28) පැවැත්වෙනවා.
ඒ පාකිස්ථානය හා ඉන්දියාව අතරයි.
ඩුබායිහි දී අද රාත්‍රී 7.30ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.
ඊයේ (27) රාත්‍රියේ දී මෙම තරගාවලියේ පළමු තරගය ආරම්භ වූ අතර එහිදී තරග වැදුණේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමයි.
එහිදී තරගාවලියේ පළමු ජය ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූයේ තරගය කඩුලු 08ක විශිෂ්ට ජයක් ද ලබමින්.
මේ අතර ආසියානු කුසලානයේ දෙවන තරගය ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඩුබායිහි දී අද රාත්‍රී හතයි තිහට ආරම්භවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.