නොරොච්චෝලේ නඩත්තුවට වසර 12ක් තිස්සේ චීන සමාගමකට ගෙවලා

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය නඩත්තු කිරීම  සඳහා වසර 12 ක් තිස්සේ චීන සමාගමට ගෙවූ මුදලින් රටට තවත් තාප විදුලි බලාගාරයක් හදන්නට තිබූ බව සමගි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

නොරොච්චෝලේ විදුලි බලාගාරය නඩත්තු කරන්නට ලාංකික ඉංජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන් නැද්දැයි ප්‍රශ්න කළ මුජුබුර් රහුමාන් මහතා චීන සමාගම තවමත් රඳවාගෙන සිටීමෙන් ඔවුන්ට ගෙවන මුදල දරන්නට සිදුවන්නේත් අහිංසක විදුලි පාරිභෝගිකයන්ට බව ද පැවසීය.

විදුලි බිල වැඩි කිරීම පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් මුජිබුර් රහුමාන් මහතා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published.