හේන් ගොවීන්ගෙන් ඉල්ලීමක්

එළවළු ඇතුළු අනෙකුත් නිෂ්පාදන ඉහළ ගොස් ඇති පසුබිමක හේන් ගොවිතැන යළි ආරම්භ කිරීම සඳහා ඉඩකඩ ලබා දෙන ලෙසට සමස්ත ලංකා හේන් ගොවීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.
මොනරාගල, අනුරාධපුරය, හම්බන්තොට, මාතලේ යන දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවල හේන් ගොවිතැන මීට පෙර සිදු කෙරුණා.
එහෙත් රජය විසින් ඇතැම් අවස්ථාවලදී නීති පැනවීමත් සමග හේන් ගොවිතැන මේ වනවිට නතරවී ඇති අතර ඒ සඳහා යළි අවස්ථාව දෙන ලෙසටයි සමස්ත ලංකා හේන් ගොවීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරන්නේ.

Leave a Reply

Your email address will not be published.