ගංඟා 06ක් පිටාරගැලීමේ අවධානමක

දිවයිනපුරා ගංඟා හයක් පිටාර ගැලීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, අධික වැසි ඇතිවිය හැකි ප්‍රදේශ ආශ්‍රිතවය.

ඒ අනුව, අත්තනගලු ඔය, කළු ගඟ, කැළණි ගඟ, ඟිං ගඟ, නිල්වලා ගඟ සහ මහවැලි ගඟ යන ගංඟා ද්‍රෝණිවල සමහර ප්‍රදේශවලට ජලගැලීම් තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.  

ඒ අනුව ඉහත සඳහන් කළ ද්‍රෝණිවල ඉහළ ප්‍රදේශවල ගංඟා සහ අතු ගංඟාවල අධික ජල ගලනයක් ඇතිවිය හැකිය. 

එම නිසා එම ද්‍රෝණිවල පදිංචි ජනතාව අද රාත්‍රී සිට ඉදිරි දින කිහිපය තුළ ඇතිවිය හැකි ජලගැලීම් තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. 

Leave a Reply

Your email address will not be published.