ගංවතුර හේතුවෙන් මේ වන විට පකිස්තාන භූමියෙන් තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම යටවී තිබේ. දශක ගණනාවකට පසු එරටට බලපෑ දරුණුතම ගංවතුර මෙයයි.
අයහපත් කාලගුණය නිසා එරට සෑම පුද්ගලයින් හත් දෙනකුගෙන් එක් අයෙකු බලපෑමට ලක්ව තිබේ.
ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොමැතිවීමෙන්, දැඩි ලෙස පීඩාවිඳින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
පාලම් කැඩීයාම සහ ප්‍රවේශ මාර්ග අවහිර වීම නිසා සැපයුම් වලට විශාල ලෙස බාධා එල්ල වී ඇත.
ගංවතුර හේතුවෙන්, මියගිය පිරිස එක්දහස් ඒකසීය ඉක්මවා ඇති අතර, අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව ගණන් බලා නොමැත. ගංවතුරෙන් අවතැන්වූ පිරිස මිලියන 33 ඉක්මවන අතර, ඔවුන් බොහෝ දෙනෙකු විශාල ලෙස පීඩාවට පත්ව සිටියි.