මුහුණුපොතින් තරුණියන් 200ක් රැවටූ සිසු අනංගයා දැලේ

තරුණියන් 200කට වැඩි පිරිසකගේ ෆේස් බුක් ගිණුම් හැක්කර එම තරුණියන්ගේ අතීශය පෞද්ගලික ඡායාරූප සොරාගෙන එම ඡායාරූප ප්‍රසිද්ධකරන බවට තර්ජනයකරමින් විවිධ ලාභ ප්‍රයෝජන ගත් සිසුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.

කෑගල්ලේ පදිංචිකරුවකු වන එම සිසුවා උසස් පෙළ අවසන් කළ සිසුවකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

ලොව ප්‍රසිද්ධ සන්නාම සහිත කාන්තා යට ඇදුම් අලෙවි කිරීමට ඇති බවට ෆේස් බුක් ගිණුමක් විවෘත කරමින් මෙම සිසුවා මෙම ඡාවාරම කරගෙන ගොස් තිබෙන බව පෙනී ගොස් ඇත.

යට ඇදුම් මිලදී ගැනීමට ෆේස් බුක් ගිණුම ඔස්සේ ඇණවුම් ඉදිරිපත් කළ එහිදී තරුණියන් උපක්‍රම ශීලීව රවටා ඒ අයගේ ෆේස් බුක් ගිණුම්වල රහස් අංක සොරා ගනිමින් ඔහු මෙම ක්‍රියාව සිදු කර ඇති බව සඳහන්ය. මෙම සිසුවා ෆේස් බුක් ගිණුම්වල රහස් අංකය සොරා ගැනීමෙන් පසු එම ගිණුම්වලට රිංගා ඒ තුළ ඇති ප්‍රසිද්ධ නොකළ ජායාරූප හා තොරතුරු රැස්කර ගනිමින් කාන්තාවන් බිය ගන්වා ලාභ ප්‍රයෝජන ගෙන ඇති බව කියැවේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව සැකකරුව හඳුනා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සිසුවකු බව අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

Leave a Reply

Your email address will not be published.