රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස අඩු කෙරේ

රාජ්‍ය අංශයේ සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැයෙන් යෝජනා කර තිබේ.

මීට පෙර රාජ්‍ය අංශයේ සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65ක් දක්වාත් අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62ක් දක්වා වැඩි තිබුණි

මේ හේතුවෙන්  සමාජය තුළ රැකියා විරහිත තරුණයින්ගේ අසහන තත්ත්වය වැඩිවී තිබෙන බව නිරීක්ෂණය වන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය

ඒ හේතුවෙන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 60 දක්වා අඩු කිරීමට යෝජනා කරන බව ජනපති අතුරු අයවැය කථාවේ දී පැවසීය

Leave a Reply

Your email address will not be published.