වැවිලි භෝග අපනයනයෙන් ඩොලර් බිලියන 3.8ක ආදායමක්

තේ, පොල්, රබර්, කුරුඳු ඇතුළු අපනයන බෝග ආශ්‍රිත වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙන් 2021 වසරේදී ඩොලර් බිලියන 3.8ක මුදලක් උපයා ඇතැයි වැවිලි කර්මාන්ත හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. තේ කර්මාන්තයෙන් පමණක් ඩොලර් බිලියන 1.3ක මුදලක් උපයා ඇති බවද ගුණාත්මක තේ දලු නෙළීම සහ නිෂ්පාදන කාර්යාවලිය පිළිබඳ තේ කර්මාන්තයේ නිරත වූවන් දැනුම්වත් කිරීමට ඊයේ (31) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති හමුවකට එක් වෙමින් ඇමැතිවරයා පැවසීය. ආර්ථික අර්බුදය හමුවේ රුපියල අවප්‍රමාණ වීමේ වාසිය මේ වන විට ගොවියාට දීමට රජය පියවර ගෙන ඇතැයි ද කී ඇමැතිවරයා පෙන්වා දුන්නේ 2019 දෙසැම්බර් මාසයේදී ගාල්ල දිස්ත්‍රික්කය තුළ තේ දලු කිලෝවකට ලැබුණු රුපියල් 80ක් 85ක් වැනි මුදල මේ වනවිට රුපියල් 250ත් 290ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. පොහොර පිළිබඳ ගැටලුව කළමනාකරණය කර ගන්නා අතරේම ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පැළවලට වටිනාකමක් දීම, නිසි පොහොර සැපයුම, ශාක නඩත්තුව, පාංශු ඛාදනය වැළැක්වීම හා ජල කළමනාකරණය පිළිබඳ වඩාත් අවධානය යොමු කළ යුතුව ඇති බවද ඇමැතිවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published.