ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී ඇති ණයබරින් මිදී තිරසර සංවර්ධනයක් ඇතිකර ගැනීම සඳහා ගන්නා ප්‍රයත්නයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතනවල සහාය අත්‍යවශ්‍ය බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ මිත්‍රශීලි අසල්වැසියෙක් ලෙස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමුඛ කොටස්කරුවෙක් ලෙස චීනය ශ්‍රී ලංකාවට උදව් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් මූල්‍ය ආයතන සැමවිටම ධෛර්යමත් කරන බවය.