ශ්‍රී ලංකාව බංකොලොත් වූ අවස්ථාව මහ බැංකු අධිපති පැහැදිලි කරයි

ඉකුත් අප්‍රේල් මාසයේ ණය ගෙවිය නොහැකි රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් පෙර ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වී තිබූ බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඉදිරි වසර කිහිපයේදී නිවැරදි ලෙස ක්‍රියාත්මක නොකළහොත් යළිත් මෙරට ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්වන බව පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (31) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කළ අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබුණි.

2019 වසරේදී කළ බදු කප්පාදුව සහ ණය ගෙවීම සඳහා විශාල වශයෙන් මුදල් අච්චුගැසීම වර්ථමාන ආර්ථික අර්බුදයට හේතුවූ බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය. 

පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම නිවේදනය කිරීමටත් පෙර රජය සහ මහ බැංකුව ණය නැවත ගෙවීම් පැහැරහැර තිබූ බවත් ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.