ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන් ගැටුම අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 4 තරඟ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරඟය අද (03) පැවැත්වෙනවා.
ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟයි.
ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7යි 30ට මෙම තරගය පැවැත්වීමට නියමිතයි.
ඇෆ්ගනිස්ථානය සමඟ පසුගිය දා පැවති පළමු වටයේ තරඟයකින් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා.
මේ අතර හොංකොං කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 155 කින් ජයගත් පාකිස්ථාන කණ්ඩායම සුපිරි කණ්ඩායම් හතරදෙනා අතර ඊයේ (02) තේරී පත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 193 ක් රැස් කළා.
කෙසේ වෙතත් හොංකොං ක්‍රීඩකයින්ට පන්දු වාර 10 යි පන්දු හතරක් තුළදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 38 ක් පමණයි.
මේ වනවිට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය සුපිරි කණ්ඩායම් හතරට එක්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.