ලිට්‍රෝ මිල ට වෙන වෙනස

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට නැවත වරක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල රුපියල් 1,00ත් 2,00ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එමෙන්ම ගෙවුණු මාස 2ක තුළ ලිට්‍රෝ සමාගම සැලකිය යුතු ලාභයක්ද උත්පාදනය කර තිබේ.

ඒ අනුව ගෙවුණු අගෝස්තු මාසයේ පමණක් ලිට්‍රෝ සමාගමේ ලාභය රුපියල් මිලියන 700කට අධික වන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ගෑස් මිල අඩු කෙරුණත් ආහාර පාන මිල ගණන් පහත හෙළීමට නොහැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (04) ප්‍රකාශ කළේය.

මේ අතර වෙනත් රටක සිටින පුද්ගලයෙකුට, ශ්‍රී ලංකාවේ සිටින අයෙක් සඳහා ඩොලර් ගෙවා ගෑස් සිලින්ඩර මිලට ගැනීමට හැකි ක්‍රමයක් එළඹෙන සතියේ හඳුන්වා දීමටත් ලිට්‍රෝ සමාගම සූදානමින් පසුවේ.

ඒ පිළිබඳ අදහස් දැක්වු එම සමාගමේ සභාපති,

“අපි ලබන සතියේ ඉඳලා ඇප් එකක් හඳුන්වා දෙනවා පිටරට ඉන්න අයට. ඒ කියන්නේ ලංකාවේ ඉන්න කෙනෙක්ගේ යාළුවෙක්, දෙමාපියන් වෙන්න පුළුවන් නෑදෑ හිතමිතුරන් වෙන්න පුළුවන්, ඕන කෙනෙක්ට මෙ‍ෙහ ඉන්න කෙනා වෙනුවෙන් තමන්ගේ මාසික අවශ්‍යතාවයට සරිලන ගෑස් සිලින්ඩරය එහේ ඉඳලා ඇප් එකක් හරහා ඩොලර්වලින් ගෙවීමක් කරලා ඉතාමත් සුළු මුදලක් එහෙ විදියට. ඩොලර් 15ක්  16ක් වගේ මුදලකට සමහර විට ඊට වඩා අඩුත් වෙයි විනිමය අනුපාතිකය අනුව. ඒ වගේ මුදලක් ගෙවලා මෙහේ ඉන්න එක්කෙනා වෙනුවෙන් ඒ සිලින්ඩරය ඇනවුම් කරන්න පුළුවන්. ඒ කෙනාගේ ළඟම ඩීලර් පොයින්ට් එකේ අපි ඒක සුරක්ෂිතව තියෙනවා. ඒක ගෙදරටම ඩිලිවර් කරන්නත් පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ලැබෙන මුදල වෙන කිසිම දේකට අපි ආයෝජනය කරන්නේ නෑ ගෑස් මිලදී ගැනීම හැරුණු විට.”

Leave a Reply

Your email address will not be published.