චීන සබඳතා පළුදු වු හැටි ඇමති අමරවීර කියයි

පොහොර නෞකාව සම්බන්ධ ගැටලුව චීනය සමග පැවැති සබඳතා පළුදුවීමට හේතු වු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, මේ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත විධිමත් තීන්දු ගැනීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවය.

හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අදහස් පළ කළේය.

“චීන පොහොර නැව සම්බන්ධ ලොකු ගැටලුවකට අපි මුහුණදෙනවා. මොකද එක පැත්තකින් අපි ජාත්‍යන්තර වශයෙන් කොහොමද කටයුත්ත සමතයකට පත්කර ගන්නේ කියලා අවධානය අපිට ඇවිල්ලා තියෙනවා. මොකද චීනය සමග තිබුණ හොඳ හිත පළුදු කරගත් ප්‍රධාන හේතුව මම හිතන්නේ මේ චීන පොහොර නැව සම්බන්ධයෙන්. මේ කටයුත්තේ වගකීම කාට පැවරුණත්, කාගේ අතින් අතපසුවීම් සිදුවුණත් දැන් මේකේ වන්දිය ගෙවන්න වෙලා තියෙන්නේ රටට. මේ ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමුකරලා තියෙනවා. ගිය සතියේ මුදල් කමිටුවේ තීන්දු කළා මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යතුමාට මැදිහත්වෙලා මේ ගනුදෙනුව සාධාරණ විදියට හොඳ හිත පතුරුවා ගනිමින් විසඳන ආකාරය ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනාවක් දෙන්න.”

Leave a Reply

Your email address will not be published.