ඉන්දියාවේ ප්රමුඛ සමාගමක් වන ටාටා සමාගමේ හිටපු සභාපතිවරයා මාර්ග අනතුරකින් මරණය ට පත්වී තිබේ.
සයිරස් මිස්ට්‍රි සිය සුඛෝපභෝගි මෝටර් රථයෙන් මුම්බායි බලා එමින් සිටියදී කොන්ක්‍රීට් බැම්මක එම රථය ගැටී තිබුණි.
එම රථයේ සිටි තවත් අයෙක් මරණය ට පත්වී ඇති අතර තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.
මියයන විට 54 හැවිරිදි වියේ පසු වූ මිස්ට්‍රි ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.
ඔහු 2012-2016 දක්වා ටාටා සමාගමේ සභාපති ලෙස කටයුතු කළේය.