දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්


දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ ඒ අනුව කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බවය.

මේ අතර ඉදිරි පැය 24 තුළ අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් එම ගංගාවල මේ වන විටත් ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙයි. 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ට වැඩි වැසි අපේක්ෂා කරන බවය.

Leave a Reply

Your email address will not be published.