කළු ගඟේ උප ගංගා වන කුඩා ගඟ හා මගුරු ගඟ ආශ්‍රිත පහත් බිම්වල ප්‍රදේශවල ජනතාවට ගංවතුර පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරසිටින්නේ එම ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
ඒ අනුව පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.