අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක්

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට අදාළව අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අධිකරණයෙන් වරදකරුවෙකු වූ පුද්ගලයෙකුගේ අභියාචනා සලකා බැලීමේදී එම පුද්ගලයා අත්අඩංගුවේ සිටි කාලය හෝ එයින් යම් කොටසක් හෝ ඔහුගේ දණ්ඩන නියමයේ දැක්වෙන කාලයෙන් කොටසක් ලෙස ගණන් ගැනීමට හැකිවන විධිවිධාන සංශෝධනය කිරීම යෝග්‍ය බවට යෝජනා කර තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ වන විශේෂ ඒකකයේ අපරාධ අනුකමිටුව විසින් එම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 323(5) වගන්තිය සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.