සියලු ග්රාමනිලධාරි වසම් ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවන කේන්ද්‍ර ලෙස සවිබල ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
එමෙන්ම මේ පිළිබඳව දිසාපතිවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කිරීමේ රැස්වීම, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පැවැත්වීමට නියමිතය.
මෙමගින්, රාජ්‍ය අංශය සමග පෞද්ගලික, සමුපකාර හා රාජ්‍ය නොවන අංශ අතර සම්බන්ධතාවයද ශක්තිමත් කරමින්, මෙරට ආර්ථිකය ඉදිරි වසර දෙක තුළ පරිවර්තනයකට ලක් කිරීමට යෝජිතය.
ග්‍රාමීය ආර්ථික ක්‍රියාවලිය යළි ශක්තිමත් කිරීම මෙන්ම රට තුළ ජාතික ආහාර සුරක්ෂිතතාවය ද සහතික වනු පිණිස ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් පිහිටුවා ඇති ජාතික ආහාර සුරක්ෂිතතා කමිටු ඉලක්ක සපුරා ගැනීමටද, මෙම ග්‍රාමීය ආර්ථික සංවර්ධන නව ප්‍රවේශය හරහා යෝජිතය.
මෙම වැඩසටහන දිවයිනේ 14,022ක් වන සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන ජාතික වැඩපිළිවෙලක් ලෙස කඩිනමින්ම සක්‍රිය කිරීමට අපේක්ෂා කෙරෙන බව අමාත්‍යංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නෙ මහතා පවසයි.