වී ගබඩා සංකීර්ණ දෙකක් විනාශ වී යන හැටි

බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් විනාශ වී යන වී ගබඩා සංකීර්ණ දෙකක් පිළිබඳව “අද දෙරණට” තොරතුරු වාර්තා විය.

එම වී ගබඩා සංකීර්ණ පිහිටා ඇත්තේ පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේය.

ඉන් එක් වී ගබඩාවක් වසර 3කට පෙර විශාල මුදලක් වැය කොට ඉදිකර ඇතිමුත් මෙතෙක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන විනාශ වෙමින් ඇති බව ගොවීන් පෙන්වා දෙති.

මේ අතර එම ගබඩාව ආසන්නයේම ඇති අනෙක් වී ගබඩාව තුළ 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් විශාල වී තොගයක්ද දිරාපත්වෙමින් පවතින බවට ගොවීන් චෝදනා කරයි.

එම ගබඩාව තවදුරටත් පරීක්ෂා කිරීමේදී දක්නට ලැබුණේ ඒ තුළ වී ගෝනි විශාල සංඛ්‍යාවක් දිරාපත් වී ඇති ආකාරයයි.

මෙම විනාශ වී යන වී ගබඩා සංකීර්ණ දෙක සහ දිරාපත් වන වී තොග පිළිබඳ මෙම ගබඩා භාරව සිටින වී අලෙවි මණ්ඩලයේ අම්පාර දිස්ත්‍රික් කළමනාකාරවරයාගෙන් අප විමසීමක් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ එලෙස දිරාපත් වන්නේ අබලි වී තොගයක් බවය.

Leave a Reply

Your email address will not be published.