වියට්නාමයේ රාත්‍රී සමාජ ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක දෙවන මහලේ ගින්න හටගෙන ඇති බවය.
ගින්නෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගින්න හටගන්නා අවස්ථාවේ එහි පුද්ගලයින් 40 දෙනෙකු පමණ සිට තිබේ.
වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ ඉන් කිහිපදෙනෙකු සිර වී සිටින අතර ඔවුන් බේරා ගැනීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.