ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ අද (06) පැවැති තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියානු කාණ්ඩායමට ලබාදුනි. 

ඒ අනුව පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 173ක් රැස් කිරීමට සමත් වුණි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක රෝහිත් ෂර්මා ලකුණු 72ක් රැස් කළ අතර සූර්යකුමාර් යාදව් ලකුණු 34ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මධුශංක කඩුලු 3ක් දවාගත් අතර චාමික කරුණාරත්න සහ නායක දසුන් ශානක කඩුලු 2ක බැගින් දවාගත්හ.

ඒ අනුව ලකුණු 174ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 19යි පන්දු 5කදී කඩුලු 4ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 57ක් රැස් කළ අතර පැතුම් නිශ්ශංක ලකුණු 52 රැස් කළේය.

නායක දසුන් ශානක නොදැවී ලකුණු 33යි.

Leave a Reply

Your email address will not be published.