කෙසෙල්වත්තේ වෙඩිතැබීමක්

කෙසෙල්වත්ත පොලිස් වසමේ ශාන්ත සෙබස්තියන් වීදියේ පිහිටි නිවසකට ඇතුළුවූ මුහුණු ආවරණය කරගත් වෙඩික්කරුවන් දෙදෙනෙක් නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩිතබා පළාගොස් තිබේ.

අද (08) රාත්‍රී 7.30ත් 7.45ත් අතරතුරදී මෙම වෙඩිතැබීම සිදුවී ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ ඔහු කෙසෙල්වත්ත ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් බවය.

Leave a Reply

Your email address will not be published.