රටේ පාලකයන් අපේ සුන්දර ජීවිත නැති කරලා – රිසානා රිමාෂ්

” ශ්‍රී ලාංකිකයින් හැටියට අපේ සුන්දර ජීවිතයට මොකද වුණේ? ළමා කාලයේදී යුද්ධයත් එක්ක ජීවත් වෙන්න වුණා. ඊට පස්සේ ජාතිවාදී බෙදීමක් ආවා. ඊට පස්සේ කොරෝනා සමග ජීවත් වෙන්න සිද්ධ වුණා. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? රටේ පාලකයන් ගන්නා  විකෘති ආර්ථික, දේශපාලන, සමාජ තීන්දු, තීරණ නිසා විවිධාකාරයේ සටන් කරන්න ජනතාවට සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම අධි උද්ධමනයත් සමග සටන් කරන්න සිදුවී තිබෙනවා.”අද (සැප්තැම්බර් 08 )පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවති ම‍ාධ්‍ය හමුවේ දි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ විධායක සභික රිසානා රිමාෂ් මහත්මිය පැවසීය.

සාධාරණයෙන් යුක්තව, සමාජ සාධාරණත්වයෙන් යුක්තව කැමැත්ත අනුව ජීවත් වෙන්න ඕනෑ බවත් මේ ආණ්ඩුවට ඡන්දය දුන්  හැම කාන්තාවකගේම බලාපොරොත්තුව වු බවත්ඒ පිළිබඳව ගැඹුරින් මේ පීළිබඳ සිතිය යුතු බව ඇය පැවසීය.

රැකියාවක් කරන කාන්තාවක් ලබා ගන්නා වැටුපෙන් බස් ගාස්තු ගෙවීම් කෑම වේල සකස්කර ගැනීම් ඇඳුම් පැළඳුම් ලබා ගැනීම කරගත නොහැකි අතර ඔවුනට ඉතුරු වෙන්නේ මොනවාද? කුඩා කාලයේ ඉගෙන ගත් දරිද්‍රතාවයේ විෂම චක්‍රයට නැවත නැවත ගොදුරු වෙන බව එතුමිය එහිදී වැඩිදුරටත් පැවසීය.

මේ විදිහට ජීවත් වෙනවාද? නැත්නම් අරගල කරලා අයිතිවාසිකම් ලබාගෙන සියලු ජනතාව මේ තත්වයෙන් මුදා ගන්නවාද යන්නත් සියලුම ආගම් මධ්‍යස්ථානවලින් මේ ප්‍රශ්නය මතු කල යුතු බවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස සියලු පූජකතුමන්ලාගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොමැති නම් මිනිස්සුන්ට මනුෂ්‍යත්වය නැති  තත්වයක් උදා වෙන බව ඇය ප්‍රකාශ කලේය.

Leave a Reply

Your email address will not be published.