” මේ වනවිට සම්පාදනය වෙමින් පවතින ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය ඉක්මණින්ම රටට ඉදිරිපත් කරනවා ” වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කලේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ( NEDA ) ගාල්ල දිස්ත්‍රික් පුහුණු ලාභි ව්‍යවසායකයින් හට ගාල්ල හෝල් ඩී ගෝල් පරිශ්‍රයේදී ව්‍යවසායකත්ව ආරම්භය වෙනුවෙන් භාණ්ඩ හා උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙරට ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනයට විශේෂ අවධානයක් යොමු කරන NEDA ආයතනය ඒ වෙනුවෙන් ව්‍යවසාය සංවර්ධනයට ආධාරක , දිරිගැන්වීම් මෙන්ම පහසුකම් ප්‍රවර්ධනය කරයි. එමෙන්ම ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාර සංවර්ධන සේවා සපයන්නන් සදහා ව්‍යවසායකත්ව සංවර්ධනය , මූල්‍ය පහසුකම් , අලෙවිකරණ සම්බන්ධ පර්යේෂණ හා සංවර්ධනය , අවශ්‍ය ධාරිතා සංවර්ධනය , අලෙවිකරණය , ව්‍යාපාර සැලසුම් ඇතුළු පහසුකම් සහ සේවා රැසක් ඉටුකරනු ලබයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා තෝරා ගැනුනු පුහුණු ලාභීන්ට NEDA ආයතනයේ පුහුණුවෙන් පසු මෙලෙස මහන මැෂින් , ශීතකරණ ඇතුළු භාණ්ඩ හා උපකරණ රැසක් බෙදා දීම සිදුවිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය.
” නිදහසෙන් පසු ගෙවුණු වසර 73 ක කාලය තුළ අප අධ්‍යාපනය , සෞඛ්‍ය , විදුලිය , ජලය , මහාමාර්ග ඇතුළු සමාජීය යටිතල පහසුකම් වෙනුවෙන් සියළු රාජ්‍ය ආයෝජනයන් සිදුකොට තිබෙනවා. ඒ නිසා අප අද ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබුණත් සෞඛ්‍ය, අධ්‍යාපන , මහාමාර්ග ආදි භෞතික ක්ෂේත්රයන් රැසක පැහැදිලි වර්ධනයක් අත්කොට ගෙන තිබෙනවා. නමුත් කර්මාන්ත සංවර්ධනය උදෙසා රාජ්‍ය ආයෝජනය ඉතා අල්පවීම නිසයි ඇතුවූ ආර්ථික අර්බුදය හමුවේ අපට එය තවත් දුෂ්කර වෙලා තියෙන්නෙ. අප වාර්ෂිකව ඩොලර් බිලියන 12 ක පමණ අපනයන ආදයමක් ලබනවිට ඩොලර් බිලියන 20 කට අධික ආනායන වියදමක් දරනවා.මේ තත්වය අප වෙනස් කලයුතුයි. අපනයනය වැඩි කලයුතුයි. ආනයන ආදේශන නිෂ්පාදන වැඩි කරගනිමින් ආනයනයන් අඩු කරගතයුතුයි. එවිට අපට ඉක්මණින්ම ආර්ථිකව නැගී සිටින්න පුළුවන්. එමෙන්ම අප ඉදිරියේදී කන්කසන්තුරේ සිමෙන්ති කම්හල , පරන්තන් රසායන නිෂ්පාදන කම්හල , කන්තලේ සීනි කම්හල ආදි කර්මාන්තයන් රැසක් විධිමත්ව ආරම්භ කරනවා. දැනට ක්‍රියාත්මක වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන ධාරිතාවය මෙන්ම ගුණාත්මක තත්වයද ඉහල නංවනවා. මේ සියළු දේ හරහා රට ආර්ථිකව ගොඩ නැංවීමට අප සැවොම එක්වෙමුයි රටේ ජනතාවට මම ආරාධනය කරනවා ”
මෙම අවස්ථාවට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිළධාරින් , ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරින් , ගාල්ල නගරාධිපති , ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.