ආනයනික බඩඉරිඟු සඳහා බද්දක්

ආනයනික බඩඉරිඟු සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.

ඒ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව ආනයනික බඩඉරිඟු සහ ඉදල්ඉරිඟු හෙවත් සෝගම් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවෙනු ඇත.

එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2022 සැප්තැම්බර් 04 වනදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන බව අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

එලෙස ආනයනික ඉරිඟු සෑම කිලෝග්‍රෑම් එකකින් අය කරගැනෙන රුපියල් 10ක බදු මුදලින් රුපියලක් අයකරගෙන ඉතිරි රුපියල් 09 ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත යොමුකළ යුතු බවත් ගැසට් නිවේදනයේ සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.