මැතිසබය කලින්ම නවතියි

ජාතික සභාව පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් නොවීම සැලකිල්ලට ගෙන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්  දිනට නියමිත කටයුතු නවතා පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා දක්වා කල් තබනු ලැබීය.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ  කටයුතු විනාඩි විසි හතරකට සීමා විය.

පාර්ලිමේන්තුව අද උදේ 9:30 ට රැස්වූ නමුත්  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ සිටියේ දහයකටත් වඩා අඩු සංඛ්‍යාවකි.

විපක්ෂය පැත්තෙන් සිටියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පමණි.

කතානායකවරයාගේ මව අද  අභාවප්‍රාප්තවී  ඇති අතර ඒ ආරංචිය කතානායකවරයාට දැනගන්නට ලැබී ඇත්තේද  සභාවේ කටයුතු පැවැත්වෙමින් තිබියදීය.

පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණේ   ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී  ඝාතනය කෙරුණු   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන්වූ ශෝක යෝජනා විවාදයයි.

කෙසේ වෙතත් ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ට එම විවාදය දැක බලා ගැනීම සඳහා ඊයේ  පැමිණීමට නොහැකි වන බව පාර්ලිමේන්තු නිලධාරීන්ට කලින්ම දන්වා තිබිණ.

දැනට ගණන් බලා ඇති අන්දමට පාර්ලිමේන්තුව දිනක් රැස්වීම වෙනුවෙන් වැයවන මුදල රුපියල්  ලක්ෂ  80 කට  වැඩිය.

Leave a Reply

Your email address will not be published.