සිසුවිය සමූහ දූෂණය කළ පෙම්වතා ඇතුළු පහක් අත්අඩංගුවට

පාදුක්ක  ප්‍රදේශයේ  දාහතර හැවිරිදි  පාසල් දැරියක්  සමූහ දූෂණයට ලක් කළ බව පැවසෙන ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  19,20,22 සහ 27 වයසේ පසුවන පස් දෙනෙකු බව පොලීසිය කියයි .

මෙම බාල වයස්කාර දැරිය සිය මව සහ සහෝදරයා සමග  නිවසේ ජීවත්ව ඇති අතර  පෙම්වතා බව පැවසෙන පුද්ගලයාගේ ආරාධනයෙන් ඉකුත් 3 දා පාදුක්ක  වවුල්කැලේ ප්‍රදේශයට ගොස් ඇති ඇති බව පොලිසිය කියයි ඉන්  මද වේලාවක් පසුව එම ස්ථානයට පෙම්වතාගේ මිතුරන් සිව් දෙනෙකු ද පැමිණ ඇති බවත්  එම අවස්ථාවේදී පෙම්වතා ඇතුළු  තරුණයන් පස් දෙනකු විසින් මෙම දැරිය අවස්ථා කිහිපයකදී සමූහ දූෂණයට ලක් කර ඇති බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය .

මේ බව දැරිය සිය මව සමඟ පොලීසියට පැමිණ කල පාපොච්චාරණය කින් අනතුරුව පාදුක්ක  පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදු කළ විමර්ශනයකදී දැරියගේ පෙම්වතා බව පැවසෙන පුද්ගලයා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි .

පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සිද්ධියට සම්බන්ධ පාදුක්ක ප්‍රෙද්ශයේ පදිංචි  ඔහුගේ මිතුරන් සිව් දෙනකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

රැකියාවකට යන නිසා  මව නිරන්තරයෙන්  නිවසේ නොමැති නිසා දැරිය ඥාති නිවසක සිට ඇති අතර සිද්ධිය වූ දින එම නිවසටද නොපැමිණි ඇයගේ පෙම්වතා සමග මෙසේ වවුල්කැලේ ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම දූෂණයට ලක්ව ඇති බව පැවසේ .

මෙම දැරිය මීට පෙර යුද  හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ පුද්ගලයකු සමඟ ද අඹු සැමියන් ලෙස හැසිරි ඇති බවටත්  ඉන් පසුව මෙම පුද්ගලයා සමගද ප්‍රේම සම්බන්ධතාවයක් හටගෙන ඇති බවත් අවස්ථා කිහිපයකදී  එම දැරිය තරුණයින් සමග අඹුසැමියන් ලෙස හැසිරී ඇති බවට කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්කොට අත්අඩංගුවට ගත් තරුණයන් පස් දෙනා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .

Leave a Reply

Your email address will not be published.