ඉන්දියාව ට විශිෂ්ට ජයක්

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අද (08) පැවැති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 212ක් රැස් කළේය.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි නොදැවී ලකුණු 122ක් රැස්කිරීමට සමත්විය.

ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 12ක් ඇතුළත් විය.

ඒ අනුව ලකුණු 213ක ප්‍රබල ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ඉන්දීය පන්දුයවන්නන් සමත්විය.

ඒ අනුව ඇෆ්ගනිස්තානයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 111ක් පමණි.

බුවනේස්වර් කුමාර් ලකුණු 4කට කඩුලු 5ක් දවාගත්තේය.

කෙසේවෙතත් මෙම තරගයේ ප්‍රතිඵලයත්, හෙට (09) පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයේ ප්‍රතිඵලයත් තරගාවලියේ අවසන් තරගයට කිසිඳු බලපෑමක් එල්ල කරන්නේ නැත.

ඒ, පාකිස්තානය ඊයේ (07) ලැබූ ජයත් සමග ආසියානු කුසලාන අවසන් මහ තරගයට ශ්‍රී ලංකාව සමග සුදුසුකම් ලබා තිබීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published.