නිදහස් දින උත්සවය අඩු වියදමින් කරන්න ජනපතිගෙන් උපදෙස්

අඩු ආදායම්ලාභීන්ට නිවාස 1,996ක් හදන්නත් සැලසුම්

පවතින ආර්ථික තත්ත්වය හමුවේ වූවද 75 වැනි නිදහස් දින උත්සවය සුවිශේෂි සන්ධිස්ථානයක් කර ගනිමින් අඩු පිරිවැයකින් අභිමානවත් අයුරින් සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

75 වැනි නිදහස් දිනයට සමගාමීව අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස 1,996ක් ඉදි කිරීමට සැලසුම් කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව, මහරගම සහ කොට්ටාව ප්‍රදේශවල මේ නිවාස ඉදි කිරීමටත් කලාකරුවන් වෙනුවෙන් කොට්ටාවේ ඉදි වන නිවාස සංකීර්ණය වෙන් කිරීමටත් තීරණය විය. නිදහස් දින සමරු උලෙළ සංවිධාන කමිටු පළමු රැස්වීම ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පැවැත්විණි.

ඉදි කරන සියලු නිවාස දේශපාලන පදනම හෝ හිතවත්කම් මත නොව, ප්‍රමුඛතාව සහ නිසි අවශ්‍යතාව මත පදනම්ව පමණක් දීමට අවශ්‍ය ක්‍රමවේදය වහාම සකස් කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published.