ඇසට්ලයින් ලීසිං දැන් ඇසට්ලයින් ෆිනෑන්ස් ලෙස පුළුල් කරයි

තරාතිරමකින් තොරව මෙරට ජනතාවට අවැසි මූල්‍ය සේවා සැපයීමට කවදත් සමත් වූ ඇසට්ලයින් ලීසිං තම සේවා පරාසය තවදුරටත් පුළුල් කරමින් ‘ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ්‘ ලෙස දැන් ඔබ හමුවට එන බව සමාගම නිවේදනය කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභි විශේෂිත ලීසිං සමාගමක් ලෙස මෙතෙක් කල් ක්‍රියාත්මක වුණු ඇසට්ලයින් ලීසිං වෙත පසුගියදා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රය ඒකාබද්ධ කිරීමේ සැලසුම යටතේ මූල්‍ය සමාගම් බලපත්‍රය පිරිනැමුණි. ඒ අනුව පුළුල් වන සේවා පරාසය හරහා ජනතාවට තව තවත් සමීප මූල්‍ය සේවා දීමේ හැකියාව ලැබෙන බව සමාගම පවසයි.

ඩේවිඩ් පීරිස් මූල්‍ය සේවා සමූහයේ ප්‍රමුඛ සමාගම වන ඇසට්ලයින් 2003 වසරේදී ආරම්භ කෙරුණි. මේ සමාගම ස්ථාපිත කරන ලද්දේ ශ්‍රී ලාංකීය ජනතාවට මෝටර් සයිකලයක්, ත්‍රිරෝද රථයක් හෝ කුඩා වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය ලීසිං පහසුකම් සැපයීමේ පුළුල් අරමුණ මුල් කරගෙනය. එසේ ඇරඹුණු ඇසට්ලයින් සමූහය අද වන විට බිම් මට්ටමේ කුඩාම පාරිභෝගිකයාගේ සිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දක්වා වූ විශාල පරාසයක පාරිභෝගිකයන්ට සේවා සපයන දැවැන්තයකු බවට පත්වී ඇත. සියලු ආකාරයේ ණය පහසුකම් සමඟ තම සේවා ගොන්න තවදුරටත් පුළුල් කීරීම හරහා ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published.