සතොස භාණ්ඩ හතක මිල බහී

  • රතු සහල් රු.194
  • සුදු සහල් රු. 185
  • සුදු ලූනු රු.595
  • සුදු සීනි රු. 279
  • රතු පරිප්පු රු. 429
  • හාල්මැස්සෝ රු. 1,350
  • වටානා පරිප්පු රු. 315

සතොස මඟින් අලෙවි කරන ආනයනික සුදු කැකුළු, සුදු නාඩු, රතු පරිප්පු, සුදු සීනි සහ හාල්මැස්සන් ඇතුළු ආහාර වර්ග හතක මිල ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 490ක්ව පැවති රතු පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 429 දක්වා අඩු කර තිබෙන අතර රුපියල් 298ක්ව තිබූ සුදු සීනි කිලෝවක් රුපියල් 279 දක්වා අඩු කර ඇත. රුපියල් 195ක් පැවති ආනයනික සුදු සහල් කිලෝවක් රුපියල් 185ක් දක්වාත්, රුපියල් 198ක් පැවති රතු සහල් කිලෝවක් රුපියල් 194 දක්වාත් පහළ දමා තිබේ.

රුපියල් 1,375ක්ව පැවති හාල් මැස්සන් කිලෝවක් රුපියල් 1,350ක් දක්වාත්, රුපියල් 750ක්ව පැවති සුදු ලූනු කිලෝවක් රුපියල් 595ක් දක්වාත් අඩු කර තිබේ. එමෙන්ම රුපියල් 375ක් වූ වටානා පරිප්පු කිලෝවක් රුපියල් 315ක් දක්වා අඩු කර ඇත.

කොළඹදී ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසුවේ මේ මිල ගණන්වලට සතොස වෙළෙඳසල්වලින් භාණ්ඩ ගැනීමට හැකියාව ඇති බවයි. එමෙන්ම අඩු ආදායම්ලාභි වතුකර ජනතාව ජීවත් වන ප්‍රදේශවල සතොස අලෙවිසල් හරහා පාන් පිටි කිලෝවක් රුපියල් 310කට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවද පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.