හන්තාන සඳගිරි මහ සෑය සම්බුද්ධ සසුනට පූජා කෙරේ

භික්ෂුණී ශාසනය ඇරඹීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ.

එය නිමිති කරගත් දෙරණාභිවන්දනා බිනර පුන් පෝදා සජීවී විකාශය අද දිනය පුරා පැවැත්වෙන්නේ මහනුවර හන්තාන සඳගිරි මහා සෑ පරිශ්‍රයේදීය.

මහනුවර හන්තාන සඳගිරි මහ සෑයේ ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය, ඝණ්ටා පූජාව සහ කොත නිරාවරණය ද අද සිදුකෙරුණි.

අද උදෑසන 9.30ට යෙදුනු සුබ මොහොතින් මහනුවර හන්තාන සඳගිරි මහ සෑ ගර්භයේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ නිධන් කිරීම සිදුවුණි.

ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහ නා හිමි ඇතුළු මහා සංඝරත්නය මෙන්ම දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා ඇතුළු සැහැදැවතුන්ගේ සහභාගිත්වයෙනි.

ඉන් අනතුරුව සිදුවූයේ හන්තාන සඳගිරි මහ සෑ විහාරස්ථායේ ඝණ්ටාර පූජාවය.

හන්තාන සඳගිරි මහ සෑ විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම සිදු කළේය.

Leave a Reply

Your email address will not be published.